Pages

Saturday, October 11, 2014

ප්‍රේමය හැඟීමකි...

ප්‍රේමය හැඟීමකි... වෙන කිසිවකටත් වඩා හැඟීමකි... වචන වලින් පටන් ගෙන ක්‍රියාවන් නිසා ඉදිරියට පවතින්නකි....
ප්‍රේමය අරුම පුදුමය... ප්‍රේමයට වෙනත් දෑ නැත... මෛත්‍රිය ප්‍රේමයට එහාය... එතන රාගයක් නැත...

“ ලගට ගිහින් හිමිට අත හොඳින් ඒත් මුදු සුමුදුව ආදරේ දැනෙන්න අල්ලන්න ඒ අත... මටත් තියෙනවා පැතුමක්... “ කලින් එකම එක වතාවයි ඒක කරල තියෙන්නෙ... පොඩි දෙයක් උනත් ලොකු දැනීමක් දැනෙන තේරෙන දෙයක්.....

අත කියන්නෙ මොලෙන් එලියට ආපු කෑල්ලක් කියල කියන්නෙ... එතකොට අත මුදු සුමුදුව ඇල්ලුවොත් විශේෂයෙන් වම් අත..... වම් අත ක්‍රියාකාරි වෙන්නෙ දකුණු මොලයෙන්.. .දකුණු මොලයෙන් තමයි නිර්මාණශීලි දේවල්, ආදරේ එහෙම කරන්නෙ... ඉතින් .....

අත ඇල්ලුවට කමක් නෑ කියන ආදරවන්තියක් ගාවදී... දකුණු මොලේට හදවතට දැනෙන්න අත අල්ලන්න... හ්ම්... තියෙනවා පැතුමක්... හරිම ආදරණීය දෙයක්.... පොඩි උත්කර්ෂයකුත් එක්ක දැනෙන......

1 comment: