Pages

Saturday, May 24, 2014

සියුමැලි මල... යහපත් මිතුරිය...

නුඹ.. මලකි සියුමැලි.... 
මම දැඩිය... දඬු අඬුවක් මෙනි...
නුඹෙ යහපත් ගති දකිමි නිරතුරු...
කැමතිය සිතින් නිතොරව...

එහෙත් ... 


දඬු අඬු වලින් මල් නෙලන්න හොඳ නෑ නොවැ....

ඊට වඩා හොඳයි මේ මිතුරුකම... 
නැත්නම් නුඹට රිද්දලා මාත් රිද්ද ගනීවි.. 
මොකට ඒ කෝලම්... අපි ඉමු මේ විදියට...

-
සෑහෙන කාලෙක ඉදන් නුඹට කැමතියි. නුඹේ ගති හරි හොඳයි, ඕනවටත් වඩා හොඳයි. නුඹ වගේ අනිත් අයගේ සතුට ගැන හිතන අය ලෝකෙ හරි අඩුයි. වද වෙන අයත් හරි අඩුයි.
කවදාවත් නුඹට නොකියන්න හිතන මේ හැඟීම්... නුඹට යහපත පිණිසම හේතු වේවා !

No comments:

Post a Comment