Pages

Thursday, February 21, 2013

යථාර්ථයක් විය හැකි දෙයක්...

අපෙ රැඩිකල් කවි අයියගෙ දින පොතේ තිබ්බා...


පැරණි ප්‍රේමවන්තියක් අහම්බෙන් නුවර ටවුන් එකේදී හම්බවුනා. දරුවත් අතින් අල්ලගෙන,,
ආගිය විස්තර කතාකළා. ඇය රූපය චුට්ටක් විතර වෙනස් වෙලා තිබ්බට කටහඩ උස් පහත් කරන විදිහ, මුහුනේන් ඉගි බිගි පාන විදිහ පොඩ්ඩක් වත් වෙනස්වෙලා නෑවගේ. ඇය දරුවා රැකබලා ගන්න රැකියාවෙනුත් ඉවත්වෙලා. ඇය සතුටින්,,
සමුගෙන ඇය ඇතට යනකම් මම බලාගෙන හිටියා.
මවින් පෙරේරා කොහෙදෝ ඉදන් ඇවිත් සිංදුව හදවතට කියන්න ගත්තා.

"මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.."

+++++++++++++++++++

හ්ම් සමහරවිට අපි හැමෝටම අත්විඳින්න වෙන ඇත්තක් ඒක...‍

“ඔබ අතගෙන ගිය වීදීයෙ ඈ හා යනවා.... සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා... “
ඒකාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා.... ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා....

No comments:

Post a Comment